January 16, 2022

TechXlk

All About Technology

SQL මුලසිට ඉගෙනගනිමු.|TechXlk sql Tutorial – 01

What is SQL -SQL tutorial 01 __TechXlk__

මොකක්ද මේ දත්ත සමුදායක් (database) කියන්නේ?

දත්ත සමුදායක් කියන්නේ පහසුවෙන් ප්‍රවේශ කළ හැකි පහසුවෙන් හැසිරුව හැකි පහසුවෙන් යාවත්කාලීන කළ හැකි  ඉලෙක්ට්‍රොනික පද්ධතියකි

ඇයි අපිට දත්ත සමුදායක් වැදගත් වන්නේ?

දත්ත සමුදායකයක් අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ අපේ දත්ත ගබඩා කරලා තියාගන්න

දැනට ලොකේ භාව්තා වන ප්‍රධාන database software  කිහිපයක් අපි බලමු

  • ADABAS.
  • IBM DB2.      
  • Microsoft Access.
  • Microsoft Excel.
  • Microsoft SQL Server.
  • MySQL.
  • Oracle RDBMS.
  • Quick Base

XAMPP  Server බාගත හා පරිගණකයේ කිරීම ස්ථාපිත කරගැනීම

මේ article එකේ දී අපි බලමු කොහොමද අපි XAMPP Server බාගත (download) කරලා ඔයාල ගේ පරිගණකයේ ස්ථාපනය (install) කර ගන්නේ කියලා

මම මේ පාඩම් මලාව පුරාම භාව්තා කරන්නේ XAMPP Server එකයි එයට ප්‍රදාන හේතුවක් වෙන්නේ මෙම මෘදුකාංගය Open Source   මෘදුකාංගය ක් වීමයි

මුලින්ම අපි බලමු කොහොමද අපි XAMPP Server බාගත කරගන්නේ කියලා………..

ඔබට පහසුවෙන් පහත ලින්කුව භාවිතා කර XAMPP Server නිල වෙබ් පිටුවට පිව්ස බාගත කරගත හැක

https://www.apachefriends.org/index.html

වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ තමාගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට අදාලව තමන් කැමති සංස්කරනයක් (version) බාගත කරගැනීමට පුලුවන්

මෙම පාඩමි මාලාවේ දී මම භාවිතා කරන්නේ XAMPP Server ඔබට කැමති  නම්  XAMPP Server වෙනුවට WAMP Server එක වුනත් භාවිතා කරන්න පුලුවන්

පහත ලින්කුව භාව්තා කර WAMP Server එක බාගත කරගත හැක

www.wampserver.com/en/

මොකක්ද XAMPP Server හා WAMP Server එක අතර තියෙන වෙනස?

තියෙන ප්‍රධානම වෙනස තමයි XAMPP Server එක සියලුම මෙහෙයුම් පද්ධති මත ක්‍රියා කරන අතර WAMP Server එක ක්‍රියා කරන්නේ  Windows මෙහෙයුම් පද්ධතිය මත පමණයි

දැන් අපි බලමු කොහොමද අපි XAMPP Server එක ස්ථාපනය (install) කරගන්නේ කොහොමද කියලා

XAMPP Server එක ස්ථාපනය (install) කරගැනීම.

ඉස්සෙල්ලා ඔයාලට කරන්න තියෙන්නේ උඩ තියෙන ලින්ක් එකක් භාවිතා කරලා වෙබ් පිටුවට ගිහිල්ලා එතනින් setup බාගත කරගන්න එක ඊට පස්සේ අපි සමාන්‍යයෙන් මෘදුකාංගයක් install කරගන්න ආකාරයටම setup එක install කරගන්න එකයි

මෘදුකාංගය ස්ථාපනය (install) කරගන්න ආකාරය මං පහත දක්වලා තියෙනවා

මෙහිදී සියල්ලක්ම default select වෙලා පවතී නමුත් මේ පාඩම් මාලාවේ දී අපි ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ phpMyAdmin , MySQL , PHP බැව්න් යන Webalizer, Fake Sendmail  යන ක්‍රමලේක භාෂා හා FileZilla FTP Server , Mercury Mail Server , Tomcat යන Servers ඔබට  deselect කිරිමටද හැක

Finish කිරීමෙන් පසු ඔබට මෙවැනි Dialogue box එකක් දිස්වෙයි භාෂාව English ලෙස තොරාගෙන save කරන්න

ඔබගේ පරිගණකයේ taskbar එකේ දකුණු පැත්තේ යට කෙලවරේ ඇති show hidden icons (උඩු අතට දිස්වී ඇති ඊතලය) click කිරීම්න් පසු කොටු කර අති ආකාරයේ icon එකක් දිස් වෙයි එය double click කරන්න

එව්ට ඉහත දිස්වන ආකාරයේ Control Panel එකක් දිස් වෙයි රූපයේ ඊතල මගින් පෙන්වා ඇති Start Button දෙක කරන්න

නිවැරදිව install වී ඇත් නම් Apache  , MySQl රූපයේ දිස් වෙන පරිදි කොල පාටින් දිස් වෙයි

ඉන්පසු ඔබගේ web browser එකෙහි http://localhost ලෙස type කර පහත දිස් වෙන webpage එකට පිවිසේ දැයි බලන්න එසේ වේ නම් නිවැරදිව මෘදුකාංගය වී ඇත

Sql භාවිතා කරලා database නිර්මාණය කරන අකාරය හා php programming language  භාව්ත කරන ආකාරය අපි ඊලග article වලින් අපි බලමු