
අද අපි කතා කරන්න යන්නේ arduino පිළිබඳ තවත් lesson එකක් ගැන. අපි කතා කරන්න යන්නේ සරල රටාවක් හදා ගන්නේ කොහොමද කියලා.
ඉස්සල්ලාම ඔයාලා LED 10ක් හොයා ගන්න.
අපි මෙතනදී කරන්න යන්නේ පළමු LED එක තත්පරයක් on කරලා off කරනවා.ඒ එක්කම 2වෙනි එක on කරනවා.මේක මේ විදිහට ඉදිරියත continue කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
ඉස්සල්ලාම අපි බලමු කොහොමද hardware පැත්ත කරගන්නේ කියලා.ඉස්සල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ digital pins 2 ඉදලා 11 වෙනකම් LED 10 වල + අග්ර සවි කර ගන්න.ඊට පස්සේ LED වල ඔක්කොම – අග්ර ටික එකතු කරලා GND pin එකකට සවි කරන්න. මේ සඳහා ඔයාලට Bread Board එකක් පාවිච්චි කරන්න පුළුවන්.

මේ තියෙන්නේ Bread Board එකක්.
ඒ වගේම පරිපථ සටහන මම පහළින් දාලා තියනවා.

ඊළගට අපිට තියෙන්නේ sketch එක ලියන්න.මම ඒකත් පහළින් දලා තියනවා.

void setup(){
pinMode(2,OUTPUT);
pinMode(3,OUTPUT);
pinMode(4,OUTPUT);
pinMode(5,OUTPUT);
pinMode(6,OUTPUT);
pinMode(7,OUTPUT);
pinMode(8,OUTPUT);
pinMode(9,OUTPUT);
pinMode(10,OUTPUT);
pinMode(11,OUTPUT);
}
void loop() {
for(int x=2;x<=11;x++){
digitalWrite(x,HIGH);
delay(100);
digitalWrite(x,LOW);
}
}
මේකෙදී වෙන්නේ 1 වෙනි LED එකේ ඉදලා 10 වෙනි LED එක වෙනකම් එක් එක් LED තත්පරයක් පත්තු වෙල තියන එක.
ඉතින් ඔයාලට පුළුවන් මේක තවත් වැඩි දියුණු කරලා තව තව රටා හදන්න. ඒ වගේම ඔයාලට පේනවා ඇති මම ගොඩක්ම කරලා තියෙන්නෙ digital pins output බවට පත් කරලා තියන එක. ඒ වෙනුවට ඔයාලට පුලුවන් array එකක් භාවිතා කරන්න. මම මෙතනදී ඔයාලට ඒක කරලා පෙන්නන්න යන්නේ නැ.ඒක ඔයාලම අත් හදා බලන්න.මම මීට කලින් arrays ගැන කරලා තියනවා.ඔයාලට පුලුවන් ඒක follow කරලා sketch එක කෙටි කරගන්න.ඊට අමතරව ඔයාලට පුලුවන් for loop එකක් භාවිතා කරන්න.

void setup(){
for(int x=2;x<=11;x++){
pinMode(x,OUTPUT);
}
}
void loop() {
for(int x=2;x<=11;x++){
digitalWrite(x,HIGH);
delay(100);
digitalWrite(x,LOW);
}
}
ඔයාලට පේනවා ඇති දැන් sketch එක ගොඩක් කෙටි වෙලා තියනවා.
හොඳයි අදට මම මේ ලිපිය අවසන් කරනවා, ඊළග ලිපියෙන් මුණගැහෙමු.
More Stories
IR Module | TechXlk Arduino Tutorials – 20
IR Receiver | TechXlk Arduino Tutorials – 19
Servo Motors | TechXlk Arduino Tutorials – 18