January 17, 2022

TechXlk

All About Technology

Relay Part II | TechXlk Arduino Tutorials – 16

arduino16 _techxlk_

හොඳයි අද අපි කතා කරන්න යන්නේ relay එකකින් අපේ ගෙදරට ලැබෙන current එක Arduino board එකෙන් control කරන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න තියෙන්නේ relay එකේ COM හා NO කියන connectors වලට 230V bulb එකකට එන wire එක කපලා එක් කෙළවරක් COM connector එකටයි අනිත් කෙළවර NO connector එකටයි හයි කරන එක​.

ඊළගට කරන්න තියෙන්නේ relay එකේ pins Arduino board එකට හයි කරන එක​.relay එකේ vcc pin එක Arduino board එකේ 5v pin එකටත්,relay එකේ gnd pin එක arduino board එකේ gnd pin එකටත්,relay එකේ in pin එක arduino board එකේ digital pin එකකටත් ආදී වශයෙන්.

void setup()  {
 pinMode(8,OUTPUT);
}

void loop()  {
  digitalWrite(8,HIGH);
  delay(100);
  digitalWrite(8,LOW);
  delay(100);
}

මම මේ relay එකේ digital pin 8 එක set කරලා තියෙන්නේ Arduino board එකේ digital pin 8 එකට​.

හොදයි මම ඊළගට කරලා තියෙන්නේ switch එකක් මේකට සවි කරන එක​.ඒකට මම කරලා තියෙන්නේ 10 වැනි digital pin එකයි A0 analog pin එකටයි switch එකක් හයි කරන එක​.මම කලින් switches ගැන ලිපියක් ලියලා තියනවා.ඔයා ඒක කියවලා නැත්තම් ඒක කියවලා මෙතනට එන්න​.

void setup()  {
 pinMode(8,OUTPUT);
 pinMode(10,OUTPUT);
 pinMode(A0,INPUT);
}

void loop()  {
  digitalWrite(10,HIGH);
  int sw=digitalRead(A0);
   if(sw==1){
     digitalWrite(8,HIGH);
  }
   if(sw==0){
     digitalWrite(8,LOW);
  }
}

මම මේකෙ කරලා තියෙන්නේ switch එක on කරනකොට bulb එක පත්තු වෙන්නත් switch එක off කරනකොට bulb එක නිවෙන්නත් වෙන විදිහටයි.

ඉතින් ඔයාලට හිතෙනවා ඇති ඇයි අපි මේ switch එකක් හයි කරලා bulb control කරන්න හදන්නේ,අපිට පුලුවන්නේ කෙලින්ම bulb එකට switch එකක් හයි කරන්න , එහෙම නැතුව අපිට මේක IR කිරන​, bluetooth නැත්තම් අපිට අපේ phone එකෙන් call හෝ message හරහා මේක control කරන්න පුලුවන්.

ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න අපිට මේ විදිහට ගෙදර තියන ඕනම දෙයක් අපිට ඕනම තැනක ඉදලා control කරන්න පුලුවන්. ඒ ගැන මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

හොඳයි මම ඊළග ලිපියෙන් කතා කරන්න motors යන්නේ ගැන​.