
හොඳයි අද අපි කතා කරන්න යන්නේ relays ගැන.ඔයාලට පුලුවන් මේ හරහා ගෙදර දොරේ අපි පාවිච්චි කරන 230v බල්බ control කරන්න පුලුවන් පොඩි dc signal එකකින්.
අපි ඉස්සල්ලාම බලමු කොහොමද relay එකක පෙනුම හා එකේ pins කොහොමද තියෙන්නේ කියලා.

මේ තියෙන්නේ relay එකක් ඒ වුනාට අපි පාවිච්චි කරන්න පහසුවෙන්න relay module එකක් යොදගන්නවා.මේ පහළ රූපෙ relay module තියෙන්නේ එකක්.

සාම්න්ය relay එකක් ගත්තම එවාගේ විවිධ voltage වලට වැඩ කරන relays තියනවා.එතකොට අපිට මේ relay control කරන්න battery එකක් පාවිච්චි කරන්න වෙනවා.ඒ වුනාට relay module එකක් ගත්තොත් අපිට කෙලින්ම Arduino board එකත් එක්ක කරන්න පුලුවන්.වෙනම battery එකක් ඔනි වෙන්නේ නෑ.

ඔයාලට පේනවා ඇති මම ලකුණු කරලා තියනවා vcc , gnd හා in කියලා pins 3ක්.අපි මෙකේ vcc හා gnd කියන pins යොදාගන්නේ මේ relay එකට විදුලිය සපයන්න.ඒ pins 3 මැද තියන in කියලා තියන pin එකෙන් තමයි මේ relay එකට signal එකක් දෙන්නේ.
ඔයාලට පේනවා ඇති මේ relay module එකේ අනිත් පැත්තේ තියනවා NC , COM හා NO කියලා connectors 3ක්.
අපි Arduino board එකෙන් මේ in pin එකට signal එකක් දෙන් නැති වෙලාවට NC , COM කියන connectors 2 එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, ඒ කියන්නේ අපි NC , COM කියන connectors වලට wire 2ක් සම්බන්ධ කරලා බැටරියකින් පොඩි LED එකක් පත්තු කරන්න පුලුවන්. එතකොට අපි in pin එකට signal එකක් දුන්නොත් COM හා NC කියන connectors 2 අතර සම්බන්ධතාවය නැති වෙලා COM හා NO කියන connectors දෙක අතර සම්බන්ධතාවය ඇති වෙනවා. හරියට switch එකක් වැඩ කරන විදිහ වගේමයි.


මේ තියෙන්නේ dc signal එකක් දෙන් නැති වෙලාවට relay එක වැඩ කරන විදිහ.
අපිට පුලුවන් මේකෙන් 230v bulb පවා control කරන්න.
අපි ඊළග ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැනයි.

මේ තියෙන්නේ dc signal එකක් දෙන වෙලාවට relay එක වැඩ කරන විදිහ.
More Stories
IR Module | TechXlk Arduino Tutorials – 20
IR Receiver | TechXlk Arduino Tutorials – 19
Servo Motors | TechXlk Arduino Tutorials – 18