February 3, 2021

TechXlk

All About Technology

පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (TechXlk Python Tutorials – 04)

Media Library ‹ TechXlk — WordPress

මේ ලිපියෙන් අපි බලමු පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (Python Operators)ගැන…

අපි මුලින්ම බලමු කාරකයක් කියන්නේ මොකක්ද කියල.

8+2=10
කියන සරල ගණිතමය ප්‍රකාශනය බලමු.මේ ප්‍රකාශනයේදී 8 සහ 2 කියන ඉලක්කම් දෙක එකතු කිරීම කියන ගණිත කර්මයට භාජනය කලාම 10 කියන පිළිතුර ලැබෙනවා.
මේ එකතු කිරීම කියන ගණිත කර්මය පයිතන් වල කාරකයක් කියල හදුන්වනවා.මේ වගේ තවත් කාරක වර්ග ගොඩක් තියනවා.

1.අංක ගණිතමය කාරක (Arithmetic Operators)
2.සැසදුම් කාරක (Comparison Operators)
3.තාර්කික කාරක (Logical Operators)
4.පැවරුම් කාරක (Assignment Operators)
5.බිටුමය කාරක (Bitwise Operators)
6.සාමාජික කාරක (Membership Operators)

දැන් අපි මේ එක එක කාරක වර්ග වෙන වෙනම සලකා බලමු

අංක ගණිතමය කාරක (Arithmetic Operators)

ගණිතමය කටයුතු සදහා ඒ කියන්නේ සංඛ්‍යා එකතු කිරීම් අඩු කිරීම් වගේ ඒවාට භාවිතා කරන්න පුළුවන් කාරක මේ වර්ගයට අයිති වෙනවා.

එකතු කිරීම x+y

අඩු කිරීම x-y

ගුණ කිරීම xy

බෙදීම x/y

බලය x**y හෝ pow(x,y)

හරි ඔයාලත් මේ ටික කරලා බලන්න.

මේ ටික කරල බලද්දි ඔයාලට මොකක් හරි වෙනසක් පෙනුනද?,නැත්නම් ආයෙ කරපු එක දිහා බලන්න.
අනිත් හැම එකකම පූර්ණ සංඛ්‍යා වලින් උත්තරේ අවිල්ල තියෙද්දි ,බෙදීමෙදි විතරක් දශම සංඛ්‍යාවක් උත්තරය විදිහට ලබෙනව.
අපි දැන් බලමු ඒ ඇයි කියල.

පයිතන් වල බෙදීමක් කරද්දි ඒකට ක්‍රම කිහිපයක් තියනව.
1.බෙදා අදාල පූර්ණ අගය පමනක් ලබා ගැනීම.
2.බෙදා අදාල පූර්ණ අගය සමග දශමය අගය ලබා ගැනීම.
3.බෙදා ඉතිරිවන අගය පමනක් ලබා ගැනීම.

පහත උදාහරණය බලන්න

මෙහිදී,පහත දැක්වෙන සංකේත අපිට පවිච්චි කරන්න පුලුවන්

/ – බෙදා අදාල පූර්ණ අගය සමග දශමය අගය ලබා ගැනීම.


// – බෙදා අදාල පූර්ණ අගය පමනක් ලබා ගැනීම.
[//(Floor Division) කාරකයෙන් ලැබෙන්නේ බෙදුවට පස්සේ දශම නැතුව පූර්ණ සංඛ්‍යාමය අගය.උදාහරණයක් විදියට 5 , 2 න් බෙදුවාම දශම කලේ නැත්නම් උත්තරේ 2 යි ඉතුරු 1 යි.
ඒ නිසා (5 //2 =2 ) විදියට ලැබෙනවා.]


% – බෙදා ඉතිරිවන අගය පමනක් ලබා ගැනීම.
[% (Modulus) කාරකයෙන් අපිට ලැබෙන්නේ බෙදුවට පස්සේ ඉතිරි කීයක් තියනවද කියන එකයි.උදාහරණයක් විදියට 5 , 2 න් බෙදුවම ඉතිරි 1 යි.
ඒ නිසා (5%2 =1 ) විදියට ලැබෙනවා.]

අංක ගණිතමය කාරක හොදින් තේරුම් ගන්න ඔයාලත් අගයන් සහ කාරක වෙනස් කරලා තවත් උදාහරණ කීපයක් කරලා බලන්න.
පහලින් දාල තියන වගුව බැලුවම ඔයාලට අංක ගණිතයම කාරක ගැන හොද්ටම අවබෝධ කරගන්න පුලුවන් වෙයි.

තව දෙයක් කාරක එකකට වඩා වැඩි ගනනක් ප්‍රකාශනයක තියෙද්දි ඒව ක්‍රියාත්මක වෙන පිලිවෙලක් තියනවා,ඒ ගැන අපි කාරක වර්ග ඔක්කොම ගැන ඉගෙනගත්තට පස්සෙ සලකා බලමු.

සැසදුම් කාරක (Comparison Operators)

ප්‍රකාශනයක දෙපස අගයන් සංසන්දනය කරලා ඒ අගයන් දෙක අතර ඇති සම්බන්ධය ගැන අදහසක් ලබා දීම සැසදුම් කාරක මගින් සිදුවෙනවා.
උදාහරණයක් විදියට 2 > 3 (2 විශාලයි 3 ) කියන ප්‍රකාශනය ගත්තොත් 2 කියන සංඛ්‍යාව 3 කියන සංඛ්‍යාවට වඩා කුඩා නිසා මේ ප්‍රකාශනය අසත්‍ය (false) වෙනවා.
ඒ වගේම 3 > 2 (3 විශාලයි 2 ) කියන ප්‍රකාශනය ගත්තොත් 3 කියන සංඛ්‍යාව 2 කියන සංඛ්‍යාවට වඩා විශාල නිසා මේ ප්‍රකාශනය සත්‍ය (true) වෙනවා.
සැසදුම් කාරක වර්ගයට අයත් කාරක පහත වගුවෙන් පැහැදිලි කරලා තියනවා.

අපි දැන් සැසදුම් කාරක තව දුරටත් පැහැදිලි කර ගනිමු. විශාල හෝ සමාන ( >= ) කියන ප්‍රකාශනය මුලින්ම සැලකුවොත් මෙතනදී කොන්දේසි 2 ක් තියනවා.
උදාහරණයක් විදියට 5 >= 2 කියන ප්‍රකාශනයේ කොන්දේසි වෙන්නේ (5 > 2 ) සහ (5 ==2 ).මේ අතරින් එක කොන්දේසියක් හරි සත්‍ය වෙනවනම් ප්‍රකශනය සත්‍ය වෙනවා.
5 > 2 ප්‍රකාශනය තමයි මේ උදාහරණයේ නම් සත්‍ය වෙන්නේ.එතකොට මුළු ප්‍රකාශනයම සත්‍ය වෙන එක තමා මෙතනදී වෙන්නේ.
ඒ නිසා ( 5 >= 2 ) කියන්නේ සත්‍ය ප්‍රකාශනයක්.ඒ වගේම 5 >= 5 කියන ප්‍රකාශනයත් සත්‍ය ප්‍රකාශනයක්.ඒකට හේතුව 5 == 5 කියන ප්‍රකාශනය සත්‍ය වෙන එකයි.
අපි කතා කරපු සැසදුම් කාරක පහත python වැඩසටහනෙන් වැඩිදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්.

පයිතන් පරිගණක භාෂාවේ භාවිතා වන කාරක (Python Operators) අතරින් අංක ගණිතමය කාරක ,සැසදුම් කාරක ගැන අපි මේ ලිපියෙදී විස්තරාත්මකව සාකච්චා කලා.