
Numbers දත්ත වර්ගය සංඛ්‍යාත්මක අගයන් ගබඩා කරන එකයි කරන්නෙ. අපි ඒවාට වටිනාකමක් ලබා දුන් විට number objects නිර්මාණය වේ. උදාහරණයක් විදිහට,
var1 = 1
var2 = 10
මේ විදිහට තමයි අපි number objects එකක් නිර්මාණය කරගන්නෙ.අපි දැන් බලමු කොහොමද මේ නිර්මාණය කරගත්ත object එකකට යොමු වෙලා තියන මතක ඉඩ අයින් කරන්නෙ කියල,සරලව කිව්වොත් delete කරන්නෙ කොහොමද කියල.
del var1[,var2[,var3[....,varN]]]]
මේ විදිහටම තනි object එකක් මකන විදිහ දැන් බලමු
del var
del var_a, var_b
හරි python ගත්තම ඒක ප්‍රධාන සංඛ්‍යා වර්ග හතරකට සහය දක්වනව.
- int- නිඛිල
- long- විශාල අගයයන් ඇති සංඛ්‍යා සඳහා(අශ්ටමය,ශඩ්දශමය)
- float -සැබෑ අගයන්(දශම සහිත…)
- complex- සංකීර්ණ සංඛ්‍යා
මේ වර්ග තුන අපිට සංඛ්‍යාත්මක දත්ත ගබඩා කරගන්න, ගනනයකිරීම් කරන්න වගේ දේවල් වලට යොදාගන්න පුලුවන්
x= 10
y= 3
z= x+y
print(z)
මේකෙන් අපිට output එක විදිහට ලැබෙන්නෙ 13 කියන එක. මේක අපිට int දත්ත ප්රරූපයට උදාහ්රණයක් විදිහට සලකන්න පුලුවන්.
x = 8\3
y = 2.3
මේ තියෙන්නෙ float වලට උදාහරණ..
long කියන දත්ත ප්‍රරූපය අපි පවිච්චි කරන්නෙ විශාල අගයක් තියෙන අශ්ටමය හා ශඩ්දශමය සංඛ්‍යා සඳහායි.
උදා: 163163163L, 01125L, 565546L
මෙතනදි සිම්පල් L පවිච්චි කරන්නත් පුලුවන් , ඒත් ඒක අංක 1 ට සමාන නිසා කැපිටල් L පාවිච්චි කරන එක තමයි හොඳ.;;
සංකීර්ණ සංඛ්‍යා දක්වන්න අපි j පාවිච්චි කරනව.
උදා: 3.2524j , 45.j
මේ ලිපිය මන් මෙතනින් නවත්තනව. අපි ඊලග ලිපියෙදි බලමු කොහොමද මේ numbers එක්ක වැඩ කරන්න පුලුවන් කියල…
More Stories
Operations on numbers| TechXlk Python Tutorials – 12
Data types| TechXlk Python Tutorials – 10
විචල්‍ය | TechXlk Python Tutorials – 09