January 17, 2022

TechXlk

All About Technology

Pins | TechXlk Arduino Tutorials – 12

arduino12 __Techxlk_

අද අපි කතා කරන්නේ digital pins,analog pins හා pwm pins වල විශේෂතා ගැන​.මම කලින් ඒවා ගැන හඳුන්වලා දුන්නා. අද මම කතා කරන්නේ ඒ ඒ pins වලින් කරන්න පුලුවන් වැඩ ගැන​.

අපිට digital pins යොදා ගන්න පුලුවන් digital signal එකක් read කරන්න හෝ digital signal එකක් output කරන්න​.

ඔයාලට පේනවා ඇති digital signal එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා.digital signal එකක් හැදිලා තියෙන්නේ 0 හා 1 යන bits වලින්.දැන් අපි බලමු analog signal එකක්,

මම හිතනවා ඔයාලට digital signal එකක හා analog signal එකක වෙනස හොඳට අඳුරගන්න පුලුවන් වෙයි කියලා. ඔයාලට පේනවා ඇති analog signal එකක් කොහොමද විචලනය වෙන්නේ කියලා.

අපිට digital pins වලින් digital signal එකක් read කරන්න හෝ digital signal එකක් output කරන්න​ පුලුවන් වුනාට analog pins වලින් කරන්න පුලුවන් analog signal එකක් read කරන්න විතරයි.

ඒ වගේම අපිට analog pins වලින් digital signal එකක් read කිරීම​ සඳහාත් යොදා ගන්න පුලුවන්.

එතකොට අපි කොහොමද analog signal එකක් output කරන්නේ,ඒකට අපි යොදා ගන්නවා pwm pins.

ඔයාලා digital pins දිහා බලන්න​.එතකොට පෙනෙයි ~ සලකුනක් තියන digital pins. මෙන්න මේ pins තමයි අපි හඳුන්වන්නේ pwm pins කියලා.

අපිට 0 සිට 255 දක්වා කැමති අගයක් මේ pins වලින් output කරන්න පුලුවන්.

මම දැන් කියලා දෙන්නම් කොහොමද pwm pin එකකින් led එකක එලිය ක්‍රමයෙන් වැඩි වෙන්න හදන්නේ කොහොමද කියලා. මම මේකට යොදා ගන්නේ Arduino UNO Board එක​.

මම මේ සඳහා යොදා ගන්නේ 11 digital pin එක.ඒක pwm pin එකක්.

ඉස්සල්ලාම 11 pin එකට LED එකේ + අග්‍රය සවි කරන්න​. – අග්‍රය GND එකට සවි කරන්න​.මේ සඳහා Resistor 1ක් යොදා ගන්නවනම් වඩාත් හොදයි. නමුත් අත්‍යවශ්‍යම නැහැ.

අපි දැන් බලමු මේකට sketch එක ලියන්නේ කොහොමද කියලා. මම මේ සඳහා for loop එක භාවිතා කරනවා.

int x;

void setup() {
  pinMode(11,OUTPUT);

}

void loop() {

  for(x=0;x<255;x++){
     analogWrite(11,x);
     delay(50);
    }
  for(x=255;x<0;x--){
     analogWrite(11,x);
     delay(50);
    }
    analogWrite(11,0);
    delay(1000);
}

මම ඉස්සල්ලාම x කියලා variable එකක් හදාගෙන තියනවා.ඊට පස්සේ 11වැනි එක output කරගෙන තියනවා.ඊට පස්සේ loop එකේදී පළවෙනි for loop එකෙන් වෙන්නේ LED එකේ දීප්තිය ක්‍රමයෙන් වැඩි කරන එක​.දෙවැනි for loop එකෙන් වෙන්නේ LED එකේ දීප්තිය ක්‍රමයෙන් අඩු කරන එක​.ඊට පස්සේ milliseconds 1000ක් LED එක off කරලා තියනවා. ඒ වගේම වලදී එකේ දීප්තිය 1 පාරක් වැඩි කරද්දී හෝ අඩු කරද්දී milliseconds 50 ක් ඉන්න කියනවා.

ඔයාලට පුලුවන් ඒක පහළ තියන video එකෙන් බලන්න​.

මන් හිතනවා ඔයාලට අද මම කියලා දීපු lesson එක තේරෙන්න ඇති කියලා.අපි එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු.