June 15, 2021

TechXlk

All About Technology

Operations on numbers| TechXlk Python Tutorials – 12

කලින් කිව්ව වගේම අපි මේකෙදි බලමු කොහොමද numbers එක්ක වැඩ කරන්නෙ කියල.

x = 3 + 5 * 6

උඩ තියන ප්‍රකශනය දිහා බැලුවම උත්තරේ කීය වෙන්න ඕනි කියලද ඔයාල හිතන්නෙ. උත්තරේ වෙන්න ඕනි 48 නේද.. ඒත් අපි ඕක python වල ගහල බැලුවොත් අපිට ලැබෙන්නෙ 33 කියල. අපි දැන් බලමු එහෙම වෙන්න හේතුවයි, හරියට උත්තරේ ගන්න විදිහයි.

මේ විදිහට අපිට වරදි උත්තරයක් ලැබෙන්න හේතුව තමයි python වල තියෙන ප්‍රමුඛතා අනුපිලිවෙල හා python numbers වලට සහය දක්වන විදිහ.

අපි මොන පිලිවෙලයට අපිට ඕනි ගණිත කර්මය type කරත් python ඒක run කරන්නෙ එයාට ඕනි පිලිවෙලට, මෙතනදි මන් බහුලවම යොදාගන්න ගණිත කර්ම ටික ගැන සාකච්චා කරන්නම්, මට මතක විදිහට මන් මේ ගැන කලින් ලිපියකදි කතා කරා ,ඒත් උදාහරණ එක මේ පාර පැහැදිලි කරන්නම්, මොකද මේක ගොඩක් අය පටලවගන්න තැනක්.

() 
** 
/ * % // 
+ -

මේ තියෙන්නෙ ප්‍රමුඛතා අනුපිලිවෙල. මේ පිලිවෙලට තමයි පයිතන් වලදි සුළු කිරීම් කරන්නෙ.කොහොමද කියල මන් ඊලගට පැහැදිලි කරන්නම්

ඉස්සෙල්ල කිව්ව උදාහරනෙ අපි දැන් අරන් බැලුවොත්,

3 + 5 * 6
3 + 30
33

මෙනන මේ විදිහට තමයි අර කලින් ආපු වැරදි උත්තරේ අපිට ලැබෙන්නෙ. හරි උත්තරේ ගන්න, අපිට ඕනි පිලිවෙලට සුළු කරන්න අපිට වරහන් පවිච්චි කරන්න පුලුවන්.

(3 + 5) * 6
8 * 6
48

වරහනෙන් වෙන්නෙ ඒක ඇතුලෙ තියන ප්‍රකාශනය ඉස්සෙල්ල සුළු වෙන එක.මේකෙදි එතකොට වෙන්නෙ 3 + 5 කියන එක ඉස්සෙල්ල වෙලා පස්සෙ 6 න් ගුණ වෙන එක. දැන් තව උදාහරණයක් බලමු.

3+5*2**2/2-1

මේ ප්‍රකාශනය සුළු කරද්දි ඒකෙන් මන් දේවල් 3ක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්ව. මොකද කරන්නෙ මොකද්ද කියල පොඩි හරි අදහසක් මුලින් තියෙන්න ඕනිනෙ

  1. සාමාන්‍ය විදිහට සුලු කරාම ලැබෙන්න ඕනි අගය (127)
  2. පයිතන් වලින් ලැබෙන අගය (12)
  3. අපිට ඕනි අගය පයිතන් වලින් ලබාගන්න විදිහ

පහල තියෙන රූප වල මේ එකින් එක සුලු වෙන විදිහ මන් පියවර එක්ක දීල තියන්ව ,ඒක බලල ඔයාලට මේක තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මන් හිතනව, එහෙම තේරුන් නැත්තන් පහලින් comment එකක් දාන්න මන් තව ටිකක් වැඩිපුර පැහැදිලි කරන්නම්.

මේ රූපෙ තුන් වෙනි කොටසෙදි මම සිද්දි දෙකකට විතරක් වරහන් දාල තියනව ඒත් අනිත් ඒවට දාල නැත්තෙ ඇයි කියල කෙනක්ට හිතෙන්න පුලුවන්, එහෙම කරන්න හෙතුව තමයි ඉතුරු සිද්ධි තුනේම අපිට ඕනි පිලිවෙලටම තමයි ප්‍රමුඛතා අනුපිලිවෙලත් තියෙන්නෙ. එහෙම වෙලාවට වරහන් දාන්න අත්‍යාවශ්‍ය නෑ. දැම්මත් වැරැද්දක් නෑ.

සමාන මට්ටමේ ප්‍රමුඛතාවක් තියෙන වෙලාවල්වලදි වමේ ඉදන් දකුනට පිලිවෙලට සුළු කරනව කියලත් මතක තියගන්න.

එහෙනම් ඊලග ලිපියෙන් හම්බෙමු,ඒකෙදි මම strings ගැන කතාකරන්න බලපොරොත්තු වෙන්ව. හැමෝටම සුභ දවසක්.