January 15, 2022

TechXlk

All About Technology

IR Receiver | TechXlk Arduino Tutorials – 19

arduino IR reciever 19 TechXlk

හොඳයි අද අපි කතා කරන්න යන්නේ IR ගැන​.

ඔයලා ගාව තියන පරණ remote(IR සහිත​) එකකින් කොහොමද මොකක්හරි දෙයක් control කරන්නේ කොහොමද? අද මම ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි කියල දෙන්න යන්නේ.

අපිට මේකට ඕනි වෙනවා IR receiver එකක්.

දැන් අපි මේකේ pins හඳුනා ගමු.

මැද්දේ තියනවා gnd එක. ඒ කියන්නේ – අග්‍රය​.ඒකට දකුණු පත්තේ vcc එකත්,වම් පැත්තේ signal එන එකත් තියනවා.

හොඳයි ඔයාලට මේක control කරන්න library එකක් අවශ්‍ය වෙනවා.ඒක මේ පහළ link එකෙන් කරගන්න පුලුවන්.

https://github.com/z3t0/Arduino-IRremote

download කර ගත්තට පස්සෙ ඒ file එක ඔයා Arduino IDE install කරලා තියන folder එකේ libraries කියලා folder එකක් ඇති.අන්න ඒ folder එකට copy කර ගන්න​.

ඔයාලට පුලුවන් මේ file එක අතුලට ගිහිල්ල examples එකට යන්න. එතන ඔයාලට මේ library එකෙන් කොහොමද වැඩ කරන්නේ කියල බලාගන්න පුලුවන්.

ඊට පස්සේ බලමු කොහොමද මේක arduino board එකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා.මුලින්ම vcc pin එක 5V එකටත් gnd pin එක gnd එකටත් සම්බන්ධ කරගන්න​.ඊට පස්සේ signal එන pin එක Arduino board එකේ 3වැනි pin එකට සම්බන්ධ කර ගන්න​.

ඊට පස්සෙ මම පහළ දාලා තියන sketch එක කරලා බලන්න​.එතකොට ඔයාට පුලුවන් IR receiverඑක හරහා remote එකෙන් එන values ලබා ගන්න​.

#include<IRremote.h>

IRrecv rec(3);
decode_results res;

void setup() {
  Serial.begin(9600);
  rec.enableIRIn();

}

void loop() {
  if(rec.decode(&res)){
    Serial.println(res.value,DEC);
    }

}

ඔයාලට remote එකේ ඕනි buttons වල values මේ විදිහට ගන්න​.

ඊට පස්සෙ ඔයාලට පුලුවන් මේ විදිහට if condition එකක් අතුලේ ඔයාට කැමති දෙයක් control කරගන්න​.

#include<IRremote.h>

IRrecv rec(3);
decode_results res;

void setup() {
  Serial.begin(9600);
  rec.enableIRIn();

}

void loop() {
  if(rec.decode(&res)){
    Serial.println(res.value,DEC);
    rec.resume();
    }
  if(res.value==83884039){
    //code to run
    }
}

උදාහරණයක් වශයෙන්, ඔයාලා දන්නවා ඇති Arduino board එකේ 13වැනි pin එකට පොඩි LED එකක් set කරලා තියනවා.මම ඒක control කරනවා මගේ remote එකේ OK button එක ඔබලා.අන්න ඒකට ඕනි sketch එකත් මම දලා තියනවා.

හොඳයි අදට එහෙනම් මම සමුගන්නවා.