September 23, 2021

TechXlk

All About Technology

IR Module | TechXlk Arduino Tutorials – 20

අද අපි කතා IR Module කරන්නේ එක ගැන​.

Ir Sensor Module For Arduino / Rasberry Pi, Arduino UNO Board, अर्दुइनो  बोर्ड - Anvtronix, New Delhi | ID: 16016512830
IR Module

ඔයාලට පුලුවන් මේ IR Module එක Aliexpress, Ebay වැනි online store එකකින් හරි Electronic Shop එකකින් හරි මිලදී ගන්න​. ඔයාලට පෙනවා ඇති මේ sensor එකේ තියනවා bulb 2ක්. සුදු පාට එක සමාන්‍ය Remote වල තියන​ IR එකක්. අනිත් එක අපි කලින් කතා කරපු IR Receiver එකක්.

මෙය බාධක හඳුනා ගැනීමට යොදා ගත හැකියි. මේ sensor එක ඉදිරියේ වස්තුවක් ඇත්නම්( 5cm පමණ දුරින් ) 0 යන ප්‍රතිදානයත් වස්තුවක් නැත්නම් 1 යන ප්‍රතිදනයත් ලබා දේ. මේ අකරයට output එක 0 හා 1 අකාරයටත්(Digital Output) අවශ්‍ය නම් Analog Output එකක් පවා මේ sensor එක භාවිතයෙන් ලබා ගන්න පුලුවන්.

අපි මේ Module එක Line Follower Robot ලා හදන්න යොදා ගන්නවා. එවිට මේ sensor එකේ Analog Output එක යොදා ගන්න පුලුවන්. මෙහිදී මූලිකවම වෙන්නේ සුදු හා කලු වර්ණ හඳුනා ගැනීම​. ඒ අනුව සුදු වර්ණයේදී ලැබෙන Output එකත් කලු වර්ණයේදී ලැබෙන Output එකත් එකිනෙකට වෙනස්. ඒකෙන් අපිට පුලුවන් Line Follower කෙනෙක් ලේසියෙන්ම හදා ගන්න​.

කොහොමහරි අද අපි කතා කරන්නේ මේ එකෙන් බාධකයක් හඳුනා ගන්න හැටි ගැන​.

ඔයාලට පේනවා ඇති මේකේ තියනවා pins 3ක්.ඒවා,

  • VCC – UNO Board එකේ 5V pin එකට​
  • GND – UNO Board එකේ GND pin එකට​
  • OUT – UNO Board එකේ 2 Digital Pin එකට​

මේ විදිහට IR Module එක Uno Board එකත් එක්ක සම්බන්ධ කරගත්තට පස්සෙ අපි බලමු code එක ලියාගන්නෙ කොහොමද කියලා.

int LED = 13; 
int obpin = 2;  
int ob = HIGH;
void setup() {
  pinMode(LED, OUTPUT);
  pinMode(obstacle, INPUT);
  Serial.begin(9600);  
}
void loop() {
  ob = digitalRead(obstaclePin);
  if ( obpin == LOW) 
  {
    Serial.println("obstacle found");
    digitalWrite(LED, HIGH);
  }
  else
  {
    Serial.println("clear");
    digitalWrite(LED, LOW);
  }
  delay(500);
}

මේ තියෙන්නේ code එක. අපි ඉස්සල්ලාම කරලා තියෙන්නෙ UNO එකේ තියන On Board LED එකයි, IR Module එකෙන් signal එක ගන්න pin එකයි define කරගෙන තියනවා.ඊට පස්සෙ ob කියලා variable එකක් හදාගෙන තියනවා ඉස්සරහින් බාධකයක් තියනවද නැද්ද කියන එක දාගන්න​. ඊට පස්සෙ pins define කරලා Serial Monitor එක open කරලා තියනවා.

loop දී ඉස්සල්ලාම IR Module එකෙන් එන signal එක ob කියන variable එකේ store කරගන්නවා. ඊට පස්සේ if condition එකෙන් ob එකේ value එක check කරලා ඉස්සරහින් බාධකයක් තියනවනම් Uno Board එකේ OnBoard LED එක On කරනවා බාධකයක් නැත්තම් Off කරනවා. ඒ වගේම Serial Monitor එකෙත් ඔයාට බලාගන්න පුලුවන් “obstacle found”හා “clear” යන වචන 2 බාධකයක් තිබීම හෝ නොතිබීම අනුව​.

හොදයි මේ ලිපිය මන් මෙතනින් නවත්තනව. අපි ඊළග ලිපියෙන් හමුවෙමු.