
HTML (Hypertext Markup Language)
HTML යනු කුමක්ද?
HTML වෙබ් පිටු සෑදීම සඳහ මූළිකවම
භාවිතා කෙරේ.එසේම එය ඉගෙනීමට ඉතා පහසු
“web developing” භාෂාවක් ලෙස හැදින්විය හැක තවඳ එය ජනප්‍රියම web
developing භාෂාව ලෙසද හැඳින්විය හැක. මූළිකවම HTML පිලිබඳව කතා කිරීමෙදී අපට මෙම ගුණාංග දැක ගෙනීමට හැක:
- HTML වෙබ් පිටුවක ව්‍යූහය විස්තර කරයි.
- HTML ELEMENT මාලාවකින් සමන්විත වේ.
- HTML අංග බ්‍රව්සරයට අන්තර්ගතය පෙන්වන්නේ කෙසේදැයි කියයි.
- HTML වල ELEMENT ටැග් මගින් නිරූපනය කෙරේ.
- “HEAD”,”PHARAGRAPH”,”TABLE” වැනි දේ HTML ELEMENT ටැග් ලෙස හදුන්වයි.
- බ්‍රව්සර් HTML ටැග් පෙන්වන්නේ නැත, නමුත් පිටුවේ අන්තර්ගතය විදහා දැක්වීමට ඒවා භාවිතා කරයි.
දැන් අපි HTML වල versions ගැන කතා කරමු
HTML වල බොහෝ versions ඇත:
Version | Year |
HTML | 1991 |
HTML 2.0 | 1995 |
HTML 3.2 | 1997 |
HTML 4.01 | 1999 |
XHTML | 2000 |
HTML5 | 2014 |
නමුත් මේ වන විට බොහෝ දෙනෙක් HTML5 භවිතා කිරීමට යොමුවී තිබෙනවා.
දැන් අපි වෙබ් බ්‍රව්සරයක් අපට අවශ්‍ය වන්නෙ ඇයි දැයි කිය බලමු.
HTML ලේඛන කියවීමට සහ ප්‍රදර්ශනය කිරීමට අපට වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය වේ.
පෙර කියූ පරිදි HTML ටැග් වෙබ් බ්‍රව්සරය මගින් නොපෙන්වන අතර වෙබ් පිටුව පෙන්විය යුතු ආකරය තීරණය කිරීමට එය භවිතා කරයි
දැන් අපි HTML හි ව්‍යූහය පිළිබදව කතා කරමු:
- Tag opening සහ closing:
අපි HTML වලදි element විස්තර කිරීමට tag භාවිත කරයි. ඉතින් මෙම tag openings පෙන්වීම සඳහ <..> වරහන භවිත කරයි.තවඳ මෙම tag closing පෙන්වීම සඳහ </….> වරහන භවිතා කරයි.
- දන් අපි HTML වල භාවිත වන විශේෂ tags කිහිපයක් පිලිබඳව කතා කරමු:
ඉතින් HTML කේතයේ පලමු tag එක ලෙස අපි <HTML> tag එක භවිත කරන්නෙ මෙම පිටුව HTML පිටුවක් බව බ්‍රව්සරයට පෙන්වීමටයි.තවඳ HTML5 හීදි අපි මෙ සඳහා <!DOCTYPE HTML> යන්න යොදා ගනී.
තවඳ අපට මෙම HTML කේතය කොටස් 2කට කඩා වෙන්කර ගත හැක:
- HEAD
- BODY
මෙහෙ HEAD නැතහොත් “හිස” කොටස title එක, search engine සඳහා keywords, styles(අප අභ්‍යන්තර styles භවිතා කර තිබුනහොත්)/ style sheet වල location එක සහ තවත් බොහෝ දෑ විස්තර කිරීමට යොඳ ගැනේ.
මෙහි body කොටස නැතහොත් “බඳ” කොටස පිළිබඳව කතා කිරීමෙදී එය අපි භාවිතා කරන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය පිලිබඳව බ්‍රව්සරයට පැහැදිලි කිරීමටයි. වෙබ් පිටුවෙ ඇති සියලුම අන්තර්ගතය (title එක හැරුනු කොට )මෙම කොටසට අයත් වේ.
ඉතින් මේ කෙටි හැදින්වීම තුලින් ඔබහට HTML පිලිබඳව යම් කිසි දැනුමක් ලැබෙන්න ඇතැයි මා විශ්වස කරනවා. ඉතින් අපගේ මීළඟ ලිපියෙන් අපි කේතනය ආරම්භ කරමින් elements පිළිබඳව තවත් ඉගෙන ගනිමු.
More Stories
HTML FORMS Part II|TechXlk HTML Tutorial 08
HTML FORMS Part I|TechXlk HTML Tutorial 07
HTML VIDEO සහ AUDIO TAGS|TechXlk HTML Tutorial 06