February 2, 2021

TechXlk

All About Technology

Data types| TechXlk Python Tutorials – 10

දත්ත වර්ග හැඳින්වීම

පරිගණක විද්‍යාවේදී හා පරිගණක ක්‍රමලේඛනයේදි, ක්‍රමලේඛනයක් ඇතුලෙ දත්ත වර්ගයක් ටයිප් කරන එක සරලව දත්ත වර්ගීකරණය කියන්න පුලුවන් , ඒකෙදි වෙන්නෙ ක්‍රමලේඛකයා දත්ත භාවිතා කරන්න අදහස් කරන්නේ කොහොමද කියන එක සම්පාදකයට හෝ පරිවර්තකයට කියන එකයි. ගොඩක් ක්‍රමලේඛන භාෂා විවිධ වර්ගයේ දත්ත සඳහා සහය දක්වනව.

උදාහරණ විදිහට: තාත්වික, පූර්ණ සංඛ්‍යා හෝ බූලියන්

දත්ත වර්ගයක් මඟින් ප්‍රකාශනයකට (එනම් විචල්‍යය[variable], ශ්‍රිතය[function] …) එහි අගයන් ලෙස ගන්න පුලුවන් අගයන් සමූහයක් සපයනව. මෙම දත්ත වර්ගය මඟින් දත්ත මත කළ හැකි මෙහෙයුම්[operations], දත්තවල අර්ථය සහ එම වර්ගයේ අගයන් ගබඩා කළ හැකි ආකාරය අර්ථ දක්වයි.

විචල්‍යයන් ගැන මන් කලින් ලිපියෙදි කතා කරා, ඒත් තව ටිකක් ඒ ගැන මේ ලිපියෙදිත් කියන්න ඕනි කියල මට හිතුන.

විචල්‍යයන්ට අගයන් පැවරීම

        මතක අවකාශය[memory space] වෙන් කර ගැනීම සඳහා පයිතන් විචල්‍යයන්ට පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය වෙන්නෙ නෑ. අපි විචල්‍යයකට අගයක් ලබා දුන්නම ඒක ස්වයංක්‍රීයව ලබා ගන්නව. විචල්‍යයන්ට අගයන් පැවරන්න සමාන ලකුණ (=) භාවිතා කරනවා.

සමාන ලකුනෙන් වම් පැත්තෙ තියෙන්නෙ විචල්‍යයේ නමයි. සමාන ලකුනෙන් දකුණු පැත්තෙ තියෙන්නෙ විචල්‍යයේ ගබඩා කර ඇති අගයයි.

උදාහරණයක් වශයෙන්-

count = 100
miles   = 1000.0
name    = "iboy"
print (count)
print (miles)
print (name)

මේකෙ 100, 1000.0 හා “iboy” කියන්නෙ පිළිවෙලින් count, miles හා name යන විචල්‍යයන් වලට පවරල තියෙන අගයන්. මේකෙන් පහල තියෙන output එක් ලබා දෙනව.

100
1000.0
John

බහුවිධ පැවරුම්[Multiple Assignment]

පයිතන් වලදි අපිට එකවර විචලයයන් කිහිපයකට අගයන් පවරන්න පුලුවන්, දැන් අපි බලමු ඒ කොහොමද කියල,

a=b=c=1

මේකෙ 1 කියල object එකක් නිර්මාණය වෙලා විචල්‍යයන් තුනේම මතක ස්ථානය විදිහට 1 යොදා ගන්න එකයි වෙන්නෙ.

ඒ වගේම අපිට පුලුවන් විචල්‍යයන් කිහිපයකට එකවර අගයන් කිහිපයක් ලබාදෙන්නත්,

a, b, c = 1, 2, "iboy"

මෙතනදි 1 හා 2 කියන අගයයන් පූර්ණ සංඛ්‍යා [int] විදිහට a හා b කියන variable දෙකට ලැබෙනව, ඒ වගේම iboy කියන එක string එකක් විදිහට c කියන variable එකට ලැබෙනව.

සම්මත දත්ත වර්ග[Standard Data Types]

මතකයේ ගබඩා කරල තියෙන දත්ත එක එක වර්ගවල දත්ත වෙන්න පුලුවන්.මෙහෙම බැලුවොත්, පුද්ගලයෙක්ගෙ වයස සංඛ්‍යාත්මක අගයක් ලෙස ගබඩා කරන අතරම ඔහුගේ හෝ ඇයගේ ලිපිනය අක්ෂර ලෙස ගබඩා කරන්න පුලුවන්.මේ විදිහට පයිතන්වලත් සම්මත දත්ත වර්ග 5ක් තියනව.

  1. Numbers
  2. Strings
  3. List
  4. Tuple
  5. Dictionary

මේ එකින් එක ගැන ඉස්සරහට එන ලිපි වලින් අපි කතා කරමු.