May 8, 2021

TechXlk

All About Technology

C program එකක ව්‍යූහය.|TechXlk C Tutorial – 03

layout of a programme techxlk tutorial

ඔන්න අපි කලින් පාඩමෙන් c program එකක් ලියන්න ඕනි කරන IDE එකක් install කරගන්න විදිය කතා කරා.

අපි මේ පාඩමෙන් c program එකක් structure එක ගැන ඉගෙනගමු.

ඕනම පරිගණ භාෂාවක් ගත් විට,එය උපයෝගී කරගෙන වැඩසටහනක් ලිවීම සදහා එයටම ආවේනික උන විශේෂ ව්‍යූහයක් පවතී.අප වැඩසටහන ලිවිය යුතු වන්නේ එම ව්‍යූහයට අනුකුලවයි.එම ව්‍යූහය භාෂාවෙන් භාෂාවට වෙනස් වේ.අපි දැන් C භාෂාව සදහා වන මෙම ව්‍යූහය මොන වගේද කියල පොඩ්ඩක් බලමු.


අපි දැන්  බලමු මොනාද මේ HEADER,MAIN( ),BODY හා RETURN කියන්නේ කියල.

HEADER

C වැඩසටහනක් ලිවීමේදී පළමු හා ප්‍රධානතම කාර්යය වන්නේ සී වැඩසටහනකට ශීර්ෂ ලිපිගොනු ඇතුළත් කිරීමයි.

ශීර්ෂ ගොනුව යනු .h දිගුව සහිත ගොනුවකි, එහි C හි ශ්‍රිත  සහ ප්‍රභව ගොනු කිහිපයක් අතර බෙදා ගත යුතු සාර්ව අර්ථ දැක්වීම් මෙහි අඩංගු වේ.

ශිර්ෂ ගොනු වලට උදාහරණ,

  • stddef.h
  • stdint.h
  • stdio.h
  • stdlib.h
  • string.h
  • math.h

header ගොනුව ඇතුලත් කිරිමේ syntax එක,

#include<"header ගොනුවේ නම.h">

 උදාහරණ,

#include<stdio.h>
#include<string.h>
#include<stddef.h>
#include<stdlib.h>

main()

C වැඩසටහනක ඊළඟ කාර්යය වන්නේ main( ) ශ්‍රිතය ප්‍රකාශ කිරීමයි.

main() ශ්‍රිතය ඇතුලත් කිරීමේ syntax එක,

int main()
{

}

BODY

C වැඩසටහනක ක්‍රියාත්මක වන කේත ඛණ්ඩ ලිවිය යුතු වන්නේ body  කොටස තුලය. එය { }(සඟල වරහන්) ඇතුළත ලිවිය යුතු වේ.

RETURN

ඕනැම C වැඩසටහනක අවසන් කොටස වන්නේ return ශ්‍රිතයයි.

return කියල කියන්නේ යම් ශ්‍රිතයකින් යම් අගයක් ලබා ගැනීම, කියල සරලව කියන්න පුළුවන් .තව ඉස්සරහට යද්දී return කියන්නේ මොකක්ද එකෙන් වෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්.

ඔන්න අපි C වැඩසටහනක මූලික කොටස් ටික ඉගෙන ගත්ත.

දැන් අපිට තියෙන්නේ මේ C භාෂාවේ එන මූලික දැනුම ලබා ගන්න එක තමයි.

අපි එහෙනන් මුලින්ම C භාෂාවේ එන kewords හා identifiers හදුනා ගනිමු.

Keywords

keywords කියලා කියන්නේ,පෙර අර්ථ දක්වන(pre defined) ලද හා වෙන්කරන ලද (reserved) වචන සමුහයකි.මේවා syntax වල කොටසක් වන අතර මෙම වචන identifier එකක් ලෙස භාවිත කල නොහැක.

C හි භාවිත වන keyword ටිකක් පහතින් පෙන්වන්නන්.

මේ තියන keywords වලට අදාළ දේවල් ඒ ඒ පාඩම් වලදී කතාකරමු.

Identifiers

identifier එකක් කියල කියන්නේ අප විසින් විචල්‍යකට (variable), ශ්‍රිතයකට (function),ව්‍යූහයකට (structure) ලබාදෙන නම වේ.මම කලින් කිව්ව විදියටම identifier එකක නමක් විදියට keyword එකක් යෙදීම කාරක රීති දෝෂයක් (syntax error) වේ.

identifier එකක් ලබාදීමේ syntax එක,

int emp_no;
float number;
char letter;

අපි identifier එක්ක දෙද්දි මතක තියාගන්න ඕනි කාරණා ටිකක් තියෙනව.

  • වලංගු හඳුනාගැනීමක් සඳහා අක්ෂර ,ඉලක්කම් හා යටි ඉරි තිබිය හැක.
  • identifier එකේ මුල් අකුර, අක්ෂරයක් හෝ යටි ඉරක් විය හැක.ඉලක්කමකින් identifier එකක් ආරම්භ කල නොහැක.
  • identifier එකක් ලෙස keyword භාවිතා කල නොහැක.
  • වචන කිහිපයකින් යුතු identifier එකක් නම්,එම වචන අතර space එකක් තිබිය නොහැක.
  • යොදාගන්න identifier එක අකුරු 32 කට වඩා වැඩි වූ විට ගැටළු මතුවිය හැක.

උදාහරණ ,

වලංගු identifiers

  • name5=10
  • fir_name=0
  • _name=0

වලංගු නොවන identifiers.

  • 5name=10
  • fir name=0
  • if =0

අනෙක් කාරණාව තමයි identifier එකකට නමක් ලබාදෙන සැම අවස්ථාවකම එයට අර්ථවත් නමක් ලබාදෙන්න වග බලාගන්න.ඒක ඔයාලට program එක කරගෙන යද්දී ලොකු පහසුවක් වෙයි.

උදාහරණයක් ලෙස , යමෙකුගේ මුල් නම ලබාගත යුතු අවස්ථාවක් සලකමු.නම රදවා ගන්න first_name යන identifier එක ලබා දෙන එක ,fn හරි වෙන මොකක් හරි කෙටි නමක් දෙන එකට වඩා හොදයි කියල මම හිතනවා.මේක මම කිව්වේ ඔයාලගේ අමතර දැනුමට…..

Variables(විචල්‍යයන්)

විචල්‍යයක් යනු යම් දත්තයක් රඳවා තබා ගැනීමට යොදාගන්නා බහාලුමක්(ගබඩාවක්) වේ.සැම විචල්‍යකටම තමාටම ආවේනික වූ නමක් (identifier) ලබාදිය යුතුය.විචල්‍යයක නම යනු මතක ස්ථානයක සංකේතාත්මක නිරුපනයකි.

උදාහරණ ,

int cost=100;

මෙතන cost කියල කියන්නේ int වර්ගයට අයත් විචල්‍යයක්,ඒ වගේම ඒ විචල්‍යයට 100 යන පුර්ණ අගය ලබා දීල තියෙනවා.

අනෙක් වැදගත්ම කාරණය, ව්චල්‍යයකට ලබා දුන් අගයන් වෙනස් කල හැකි වීමයි.මෙයට විචල්‍යය යන නම ලැබී ඇත්තේද මේ ගුණය නිසාවෙනි.

int cost=100;
cost=50;

විචල්‍යයන් භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු තවත් කාරණයක් වන්නේ,යම් විටෙක ඔබ විචල්‍ය වර්ගය ලබාදුන් විට එය නැවත වෙනස් කල නොහැකි වීමයි.

int cost=100; //integer Variable
cost=50.5; //error
double cost; //error

Constant(නියතයන්)

විචල්‍යයක අගය නොවෙනස්ව පවත්වා ගතයුතු අවස්ථාවන් වලදී අපට const යන keyword එක භාවිත කල හැකි වේ.

උදාහරණ ,

const float pi=3.14;

මෙහි pi යනු වෙනස්කල නොහැකි නියතයකි.

හරි ඔන්න අපි මේ පාඩමෙන් keywords,identifiers,variable හා constant කියන්නේ මොනවද කියල ඉගෙන ගත්ත.මේ ඉගෙනගත්ත කොටස් ගැන තව හොයල බලන්න.එහෙනම් දැනට මේ පාඩම ඉවර කරමු.

ඊලග පාඩමෙන්, C හි භාවිත වන data types හා  operators ගැන ඉගෙනගනිමු.