February 3, 2021

TechXlk

All About Technology

විවරණ හා කාරක රීති (TechXlk Python Tutorials – 08)

comments and syntax php tutorial 08 techxlk

පයිතන් විදාන ක්‍රියාත්මක කිරීම

අප පෙර තෙවන ලිපියෙන් ඉගෙන ගත් පරිදි, විධාන රේඛාවේ(Command Line එකේ) කෙලින්ම ලිවීමෙන්, නැත්තම් පයිතන් ගොනුවක් නිර්මාණය කරල, (.py ගොනු දිගුව භාවිතා කර ) ධාවනය කරල පයිතන් විදාන ක්‍රියාත්මක කළ හැකියි.

Python Indentation

ඉන්ඩෙන්ටේෂන් කියන්නෙ code එකේ පේලියක මුලින් තියෙන ඉඩ,එහෙමත් නැත්තන් අවකාශයන්.

වෙනත් ක්‍රමලේඛන භාෂාවල Indentation කේතයේ ඇතුළත් කරන්නෙ කියවීමේ හැකියාව සඳහා පමණක් වුණත්, පයිතන්වල Indentation ඉතා වැදගත් වෙනවා.

පයිතන්හි කේත කාණ්ඩයක් දැක්වීමට Python Indentation භාවිතා කරනවා.


Code:

if 3 > 2:
       print( "This is ok" )

 Output:

This is the ok

ඔයා Indentation මඟ හැරියහොත් ඔයාට ප්‍රතිදානය විදිහට ලැබෙන්නෙ error එකක්.


Code:

 if 3 > 2:
   print( "This is ok" )

Output:

 IndentationError: expected an indented block

ක්‍රමලේඛකයෙකු විදිහට ඔයාට ඇති තරම් space ප්‍රමාණයක් යොදාගන්න පුලුවන්,ඒත් අවම වශයෙන් එකක්වත් යොදාගන්න ඕනි වෙනව.

අනිත් දේ තමා එකම කේත කාණ්ඩයක් තුල එකම space ප්‍රමාණයක් භාවිතා කළ යුතුයි, නැත්තන් ඔයාට ප්‍රතිදානය විදිහට ලැබෙන්නෙ error එකක්.


Code:

if 3 > 2:
  	print( "This is ok" )
	      print( "This is ok" )

Output:

  IndentationError: unexpected indent

Comments

විවරණ එහෙමත් නැත්තම් Comments කියන්නෙ මොකක් හරි දෙයක් ගැන අපේ අදහස දක්වන එක. ඒත් coding වලදි නම් comments වලට තියෙන්නෙ ටිකක් වෙනස් අදහසක්.

වෘත්තිය මට්ටමෙන් ක්‍රමලේඛනය කරද්දි ගොඩක් වෙලාවට අපි ලියන කේතය වෙන අය පරීක්ෂා කරල බලනව. ඉතිං තමන් ලියන කේතයේ data handling, functions වගේ දේවල් ඒ අයට තේරුම් ගන්න පහසු වෙන්න comments පාවිච්චි කරනවා. ඒ තරම් දුරට යන්නම ඕන නෑ තමන් ලියන කේතය ආයෙ කියවද්දි තමන්ටම තේරුම් ගන්න පහසු වෙන්න comment පාවිච්චි කරන එක වැදගත් වෙනවා.

comments # වලින් ආරම්භ වන අතර, පයිතන් එම පේළිය විවරණයක් ලෙස දක්වනු ලබනව.මේකෙන් සරලවම වෙන්නෙ එම පේලිය කේතයෙන් නොසලකා හැරීමයි.


Code:

#This is a comment.

   print( "TechXlk.com" )

Output:

  TechXlk.com

පේලි 2ක් සම්බන්ද කිරීම

ඔයාට තනි පේළියක දිග කේතයක්, ලියන්න ඕනි උනා කියල හිතමු. ඔයාට පුලුවන් බැක්ස්ලෑෂ්  (\) භාවිතා කර භෞතික රේඛා දෙකකින් හෝ වැඩි ගණනකින් තාර්කික කේතය බිඳ දැමීමට. එබැවින් භෞතික රේඛාවක් බැක්ස්ලෑෂ් අක්ෂර (\) වලින් අවසන් වන අතර එය වචනාර්ථයෙන් හෝ අදහස් දැක්වීමේ කොටසක් නොවන්නේ නම් එය වෙනත් භෞතික රේඛාවකට සම්බන්ධ විය හැකිය. පහත උදාහරණය බලන්න.


Code:

U = 0
V = 1
W = 2
X = 3
Y = 4
Z = 5
#පේලියම එකවර

If u==0 and v>0 and w>1 and x>2 and y>3 and Z>4:
	Print( “example 1” )

#පේලිය කොටස් වශයෙන්

If u==0 and v>0\
and w>1 and x>2\
and y>3 and Z>4:
		Print( “example 2” )

තනි පේළියක ප්‍රකාශ කිහිපයක් දැක්වීම

පේළි දෙකක් අතර semiclolon (;) අක්ෂරයක් භාවිතා කරමින් ඔබට තනි පේළියකට වෙනම ප්‍රකාශ දෙකක් ලිවිය හැකිය.


Code:

#ප්‍රකාශන දෙක වෙන වෙනම.

print( "පලමු ප්‍රකාශය" )
print( "දෙවන ප්‍රකාශය" )
#ප්‍රකාශන දෙක එකම පේලියක.

print( "පලමු ප්‍රකාශය" ); print( "දෙවන ප්‍රකාශය" )

Output:

පලමු ප්‍රකාශය
දෙවන ප්‍රකාශය
පලමු ප්‍රකාශය
දෙවන ප්‍රකාශය