
මේ ලිපියෙ ඉදන් අපි සරලම වැඩසටහනක ඉදන් සංකීර්ණ මට්ටම දක්වා පියවරෙන් පියවර සරලව ඉගෙනගමු.
ඔයාලට මතක ඇති කලින් ලිපියෙ අන්තිම හරියෙදි අපි එක program එකක් පවිච්චි කරා.(මතක නැත්තම් පහලින් තියන රූපෙ බලන්න)

මේ window එකට කියන්නේ පයිතන් shell එක කියලයි.
පයිතන් ක්‍රමලේඛ ලිවීමේ ආකාර ගැන..(modes of python programming)
පයිතන් ක්‍රමලේඛ ලිවීම ප්‍රධාන ආකාර දෙකකට කරන්න පුළුවන්.
1.Interactive mode programming
2.Script mode programming
Interactive mode programming
පයිතන් shell එක භාවිතා කරලා පයිතන් ක්‍රමලේඛය ලිවීම තමා මෙතනදී වෙන්නේ.පයිතන් shell එකේ commands ලියල ක්‍රියාත්මක (execute) කරන එක මේ ක්‍රමයේදී සිදුවෙනවා.
පයිතන් shell එකේ print(“Hello World”)කියල type කරලා enter key එක press කරන්න.
එතකොට Hello World කියල shell එකේ print වෙනවා.Hello World වෙනුවට කැමැති වචනයක් යොදාගන්න ඔයාලට පුළුවන්.

Script mode programming
මේ ක්‍රමයේදී පයිතන් ක්‍රමලේඛය වෙනම file එකක(script) ලියල script එක executeකරන එකයි සිදුකෙරෙන්නේ.
script එක ඉවර වුනාම පයිතන් වැඩසටහනත් අවසන් වෙනවා.
script mode එක භාවිතා කරනකොට අපිට වෙනම file එකක වැඩසටන ලියන්න වෙනවා.
මුලින්ම අලුත් window එකක් අරගන්න ඕනේ.පයිතන් shell එකේ file tab එක click කරලා ලැබෙන menu එකෙන් New File select කරන්න.

එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් ලැබෙයි.

අපි දැන් බලමු ඉස්සෙල්ල Shell එකේදි කරපු දේ මේකෙදි කරන්නෙ කොහොමද කියල.
window එකේ print කරන්න අවශ්‍ය දේවල් මේ විදියට type කරන්න.
print(“hello world”)
print(“ආයුබෝවන්”)
print("hello world")
print("ආයුබෝවන්")

මේක දැන් කලින් වගේ එකපාරම execute කරන්න බෑ. මුලින්ම අපි type කරපු file එක save කරන්න ඕනි.
අපි type කරපු window එකේ file tab එක click කරලා ලැබෙන menu එකෙන් save කියන එක select කරන්න.

එතකොට මෙන්න මේ වගේ window එකක් ඔයාලට බලගන්න පුලුවන්.මෙතෙනදි ඔයා කැමති නමක් දීල save කරගන්න පුලුවන්.

මෙතනදී Save as type කියන එක රූපයේ විදියට Python files කියල තියන එක අනිවාර්යයි.
මේක බොහෝ විට default ඒ විදියට select වෙලා තියනවා.
අපි මේ save කරගත්ත file එකට තමා script එක කියල කියන්නේ.
දැන් මේ file එක save කරල ඉවර නිසා ඒක run කරන්න පුළුවන්.කලින් window එකේ උඩ තියන menu එකෙන් Run -> Run Module select කරන්න.

එතකොට මේ වගේ python shell එකේ output එක බලාගන්න පුළුවන්.
මේ විදියටම ඔයාල කැමති ඕනෑම දෙයක් print කරන්න පුළුවන්.
More Stories
Operations on numbers| TechXlk Python Tutorials – 12
Python Numbers| TechXlk Python Tutorials – 11
Data types| TechXlk Python Tutorials – 10